
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල පොතානේගම පහළ ගිරිබාව ප්‍රදේශයේ දරුවන් තිදෙනකු සිය කඩාවැටීමට ආසන්න නිවසේ මාපියන්ද නොමැතිව දුෂ්කර ජිවිතයක් ගතකිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
මෙමා දරුවන්ගේ මව මව විදේශ රැකියාවක නිරතවන අතර, පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින බව වාර්තා වේ.
වාර්තා අනාවරණය කරන ආකාරයට, වයස අවුරුදු 14, 07 සහ 05 යන වයස්වල පසුවන මෙම සහෝදර සහෝදරියන්, විධිමත් අධ්‍යාපනයෙන් තොරව අභියෝගාත්මක ජිවිත සමඟ පොරබදමින් සිටිති.
තිදෙනාගෙන් වැඩිමලා සිය බාල සහෝදරයාගේ සහ සහෝදරියගේ වගකීම භාරගෙන තිබේ.
දරුවන්ගේ මව විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් කුවේටයේ රැකියා නියෝජිතායතනයක කාමරයකට සීමාවී සිටින්නීය.
ගෘහ මූලිකයා ලෙස කටයුතු කරන 14 හැවිරිදි පිරිමි දරුවාට ඔහුගේ බාල සොහොයුරා සහ සහෝදරිය රැකබලා ගැනීම සඳහා අධ්‍යාපනය අතහැර කුලී වැඩ කිරීමට සිදුව ඇත.
දැනටමත් අබලන් තත්වයක පවතින ඔවුන්ගේ නිවාස කඩාවැටීමට ආසන්න අතර, අලි ගම්වැදීමේ නිරන්තර බිය දරුවන්ගේ පීඩාව තවත් වැඩි කර තිබේ.
තම අභියෝගාත්මක තත්ත්වයන් තුළ අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙන තම දරුවන් තිදෙනා රැකබලා ගැනීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සලසන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
දරුවන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ, හැකි ඉක්මණින් සිය මව මෙරටට ගෙන්වාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart