
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මවගේ අනියම් සැමියාගේ පහරකෑමෙන් අවුරුදු දෙකයි මාස හතරක් වයසැති සිඟිත්තයක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හෝමාගම, මාගම්මන සමඟි මාවතෙන් වාර්තා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, මාගම්ම්න, සමඟි මාවතේ, නො 125 /4හි පදිංචි පරින්දි දිලන්යා සිඟිත්තියයි. මෙම දියණිය සිය මව හා අවුරුදු 11ක් වයසැති වැඩිමහල් සහෝදරයා, ආච්චි අම්මා සහ සීයා සමඟ නිෙවසේ වාසය කර තිබේ. මේ කලය තුළදී මව සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් පියා පවුල අතහැර ගොස් තිබේ. පසුව මව වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ. ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් නිවෙසට යන එන අතර ඇතැම් අවස්ථාවලදී නිෙවසේ නතර වී සිටීමට ද පුරුදුව සිට ඇත.
මේ කාලය තුළදී මියගිය දියණිය ඔහුට ‘තාත්තා‘ ලෙස ආමන්ත්‍රණය නොකිරීම නිසා ඊට උරණ වී අවස්ථා ගණනාවකදී දරුවාට පහරදී ඇති බවත් ඊට සහාය වෙමින් මව ද දරුවාට පහරදී තාත්තා ලෙස කතා කරන ලෙසට බලකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.
මෙවන් පසුබිමක් යටතේ මෙම පුද්ගලයා 12දා රාත්‍රී නිවසට පැමිණ පසුදා 13දා අලුයම ද දරුවාට පහරදී තිබේ. ඉන් පසුව 13දා උදෑසනම පදිංචියට වෙනත් නිවෙසක් බැලීමට යන බව පවසා දියණිය ද කැටුව නිවෙවසින් ගිය සැකකරු එදින සවස දියණිය රැගෙන නිවෙවසට පැමිණෙන අවස්ථාවේදී දියණිය කිසියම් අසාත්මිකතාවකින් පසුවී ඇති බව පැවසේ.
එහෙත් එම පුද්ගලයා හෝ දරුවාගේ මව තම දියණියව රෝහල්ගත කිරීමට උත්සාහයක් නොදැරීම නිසා ඊට උරණ වූ දැරියගේ ආච්චි අම්මා ඔවුන් දෙදෙනාට බැනවැදී පොලීසියට යන බව පවසා නිවෙසින් පිටව ගොස් තිබේ. මේ අවස්ථාවේදී දරුවා රෝහල්ගත කිරීමට වාහනයක් රැගෙන එන බව පවසා ඔහු නිවෙසින් පිටව ගොස් ඇතත් ඔහු නොපැමිණීම නිසා දරුවාගේ මව බාල සහෝදරයා සමඟ යතුරුපැදියකින් හෝමාගම මූලික රෝහලට දරුවා රැගෙන යෑමෙන් පසුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි.
පසුව සිද්ධිය වාර්තාවීමත් සමඟ නිලධාරි කණ්ඩායමක් හෝමාගම මූලික රෝහලට ගොස් එම සිද්ධියට සැකපිට දියණියගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව මීට පෙර මෙම දරුවාටත් වස පොවා ඇයද දිවි නසාගැනීමට උත්සාහ දරා ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් ද කර තිබිණි.
මෙම කාන්තාව දැනුම්වත්ව සකකරු මෙම දියණිය ඝාතනය කළාදැයි පොලීසියට සැකයක් මතුව තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස සොකො නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදුකරනු ලැබීය.
පසුව කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් ඔෂාරි ජයකොඩි පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකොට දේහය හෝමාගම මූලික රෝහලේ තැන්පත් කොට ඇති බැවින් හෝමාගම මහේස්ත්‍රාත්වරයා රෝහලට කැඳවා දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නියෝගයක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළාය.
ඒ අනුව හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන හෝමාගම මූලික රෝහලට පැමිණ දේහය පරීක්ෂාකොට හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලවා බිලිඳු මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ දියණියගේ මව අත්අඩංගුවට ගෙන මියගිය දියණියගේ සීයා සහ ආච්චිගෙන් මෙන්ම වැඩිමහල් සහෝදරයාගෙන් ද ප්‍රකාශ සටහන් කොටගත් බවත් අත්අඩංගුවට ගත් කාන්තාව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart