
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔක්තෝබර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා ය.
එම අපේක්ෂිත ඇප අයැදුම්පත අද (06) අධිකරණය හමුවේ කැඳවා තිබේ.
‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලීසිය දැනුම් දී තිබේ.
මේ අතර, අදාළ විමර්ශනයට සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ විසින් ඊයේ (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart