
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
MV X-Press Pearl නෞකාව අනතුරට පත්වීමෙන් සිදුවූ සමුද්‍රීය ව්‍යසනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වන පරිසර යුක්ති කේන්ද්‍රය මෑතකදී කළ ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
තම දෙපාර්තමේන්තුව බැඳී සිටින්නේ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කිරීමට පමණක් බවත්, පෙත්සම්කරුවන් දැනුවත් කිරීමේ වගකීමක් තමන්ට නොමැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
අදාළ ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඇතුළු නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවමින්, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ වෙත දින 14ක කාලයක් ලබා දෙමින් එන්තරවාසියක් යොමු කිරීමෙන් අනතුරුව මෙම ප්‍රතිචාරය පළ වී තිබේ.
‘ද ඩේලි මෝර්නිං’ පුවත්පත වෙත අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, සිය ක්‍රියාමාර්ග පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් ලබා දී නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට ගරු කරමින් දෙපාර්තමේන්තුව අඛණ්ඩව පියවර ගනිමින් සිටින බවත්, නිසි නීතිමය ක්‍රියාපටිපාටිය ඔස්සේ එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන බවත් එම ආරංචි මාර්ග පවසා තිබේ.
“නීතිපතිවරයාගේ කාර්යභාරය දෙස බැලුවහොත්, අපි මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ නැහැ, ප්‍රසිද්ධියේ දේවල් කරන්නේ නැහැ, අපි නිහඬව අපේ රාජකාරිය කරනවා. අපට අවශ්‍ය යැයි හැඟුණහොත් අපි එම ලිපියට පිළිතුරු දෙනවා. එසේ නොමැති නම් අපට නිහඬව සිටිය හැකියි.”
මෙම ව්‍යසනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු කටයුතුවල තත්ත්වය පිළිබඳව ද ගැටලුවක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම එන්තරවාසිය යොමු කර තිබුණේ පසුගිය නොවැම්බර් 7 වැනිදාය. මීට මාස 15කට වැඩි කාලයකට පෙර පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කරන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවට එමගින් චෝදනා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart