October 6, 2026

කුප්‍රකට ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමූහයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා මෙන්ම ව්‍යාපාරික කාන්තාවක වන ජානකී සිරිවර්ධන නැවතත් ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා සඳහන් කරයි.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ තීරණය ද එදිනම ප්‍රකාශයට පත්කරන බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.