
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදියේදී මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා පිළිබඳ සහ ඔහුට නියම කර ඇති මරණ දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කර තිබේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ ෆේස්බුක් සටහනක් ඔස්සේ ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස කළ බවට අභියාචනා අධිකරණයකින් වරදකරු වීමෙන් පසු 24 හැවිරිදි වියේ පසුවන මෙම විදේශගත ශ්‍රමිකයාට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති බවයි.
මෙම සිදුවීම ශ්‍රී ලංකාව පුරා දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දී ඇති අතර, දිවයින පුරා සිවිල් සංවිධාන පෙත්සම් ඉදිරිපත් කරමින් සිය බලවත් කණගාටුව පළ කර සිටින බව ද බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කර ඇත. එමෙන්ම අනෝජන් වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නීතිමය හා මානුෂීය සමාව ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ සහ රජයේ ආයතන කිහිපයක්ම ඒකාබද්ධව මැදිහත් වෙමින් සිටින බව එහි සඳහන් වේ.
පසුගිය සැප්තැම්බර් 28 වැනිදායින් පසුව ඔහුගේ තත්ත්වය පිළිබඳව පවුලේ අයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්රයත්න ක්‍රියාත්මක වන බැවින්, මේ පිළිබඳව තවදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය ඔහුගේ පවුලේ අයට උපදෙස් දී ඇති බවත් බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කරයි.
එහි දැක්වෙන පරිදි සෞදි බලධාරීන් විසින් දඬුවම ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, මරණ දඬුවම කවදා ක්‍රියාත්මක කරන්නේද යන්න තවමත් අවිනිශ්චිතය.
සෞදි අරාබිය සාමාන්‍යයෙන් පවුලේ සාමාජිකයන්ට හෝ විදේශීය තානාපති කාර්යාලවලට පූර්ව දැනුම්දීමකින් තොරව මරණ දඬුවම ක්‍රියාත්මක කරන අතර, ඒ පිළිබඳව ඥාතීන්ට දැනුම් දෙන්නේ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.
පළමුව මුලින් අල්-අහ්සා අපරාධ අධිකරණය මගින් අනෝජන්ට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබිණි. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඔහුගේ සිරදඬුවම අඩු කරන ලෙස ඉල්ලා අනෝජන් වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වී ඇති බවයි.
බීබීසී ලෝක පුවත් සේවයේ වාර්තාවට අනුව සෞදි අරාබියේ බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට පෞද්ගලික ජංගම දුරකථන භාවිත කිරීමට අවසර නොලැබෙන අතර, ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ බන්ධනාගාර බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ පහසුකම් යටතේ පමණි.
සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් සෞදි අරාබිය මගින් පනවන මෙවැනි දැඩි දඬුවම් පිළිබඳව මානව හිමිකම් සංවිධාන රැසක් වරින් වර සිය බලවත් කණගාටුව සහ විරෝධය පළ කර ඇතැයි ද එම වාර්තා වේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2023 ජූලි මාසයේදී ද සෞදි අරාබියේ විශ්‍රාමික ගුරුවරයෙකු වූ මොහොමඩ් අල් ගම්ඩි නමැත්තෙකුට සමාජ මාධ්‍ය ජාල කිහිපයක තැබූ සටහන් හේතුවෙන් මරණ දඬුවම නියම කර තිබූ බව ද බීබීසී ලෝක පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart