March 6, 2026

වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ගොවිපොළක අතහැර දැමූ ළිඳකට වැටුණු කෙණරක සහ අලි පැටවකු වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන ත්‍රිකෝණමඩුව වන රක්ෂිතයට මුදාහැර තිබේ.

නිලධාරීන් පැවසුවේ, මෙම කෙණරගේ වයස අවුරුදු 20 ක් පමණ වන අතර පැටවාගේ වයස අවුරුදු තුනක් පමණ වන බවත්, ජලය සොයා ගමට පැමිණි අලි රංචුවක් අතර මෙම කෙණර සහ පැටවා සිටි බවත්ය.

වැලිකන්ද වනජීවී ආරක්ෂක නිලධාරී සී.ඒ. වනසිංහ යටතේ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් JBC යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කෙණර සහ පැටවා බේරාගෙන ඇත.