
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමැතිධූර අපේක්ෂාවෙන් සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන්ට සම්බන්ධීකරණ ලේකම්ධූර, වෙනත් තනතුරු, වාහන, ඇතුළු විවිධ වරප්රසාද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකුගේම පවුලේ සාමාජිකයන්ට දැනටමත් එවැනි තනතුරු සහ වාහන පිරිනමා ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
නව ඇමැතිවරුන් පත්කිරීම ප්රමාද වී ඇති බැවින් මන්ත්රීවරුන් සතුටු කර ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්රීවරුන් දසදෙනෙකුට ඇමැතිධූර ලබාදෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
එහෙත් ආණ්ඩුව ඇමැතිධූර ලබාදීම ප්රමාද කිරීම නිසා පාර්ලිමේන්තුවේ ඇතැම් තීරණාත්මක පනත් කෙටුම්පත්වලදී රජයට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමට ඉඩ ඇති බවට ඇතැම් මන්ත්රීවරුන් අනතුරු අඟවා ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart