
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
HIV පිළිබඳ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස විශේෂයෙන් දැනුවත් කිරීමට සහ පරීක්ෂණ ඉහළ නැංවීමට ජාතික ඒඩ්ස් පාලන වැඩසටහන පියවර ගෙන තිබේ.
කොළඹ සහ ගම්පහ ඇතුළු බස්නාහිර පළාතේ පිරිමින් අතරින් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම මීට හේතුවී තිබේ.
මේ යටතේ සෑම ලිංගාශ්‍රිත රෝග සායනයකින්ම තම කලාපය තුළ පාසල් ආවරණය වන පරිදි HIV පිළිබඳ දැනුවත් කිරීම සිදුකරනු ඇත.
පාසල් විෂය මාලාවට ද මේ සම්බන්ධ දැනුවත් කිරීම් ඇතුළත් කර තිබේ
එසේම HIV සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් ආසාදන පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා භාවිත කිරීමට ද සැලසුම් කර ඇත.
මීට අමතරව මෙම වැඩසටහන මගින් තරුණයන්ට HIV පරීක්ෂාව සඳහා ප්‍රවේශ විය හැකි විකල්ප ද ලබා දෙන බව ජාතික ඒඩ්ස් පාලන වැඩසටහන සඳහන් කරයි.
HIV මර්දනය සඳහා මෙරට තරුණ පරපුරේ සහාය අත්‍යවශ්‍ය බව ද එම වැඩසටහන අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart