
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් රටවල් රැසක් සඳහා පනවන නව තීරුබදු සම්බන්ධයෙන් අවසන් එකඟතා ප්‍රකාශයට පත්කර ඇති අතර එම නව තීරුබදු අද සිට ක්‍රියාත්මක වේ.
ඉකුත් අප්‍රේල් මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා රටවල් රැසකට දැඩිව නව තීරුබදු පැනවීමක් සිදුකළේය.
එමෙගින් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ අතර, ආර්ථිකය කඩාවැටීම වළක්වාගැනීම සඳහා රටවල් රැසක් එම තීරුබදු අඩුකර ගැනීම සම්බන්ධයෙන් එකඟතා සඳහා එළඹීමට සූදානම් විය.
ඒ අනුව, සාකච්ඡා සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා එම රටවලට ලබා දී තිබූ දින කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, අද සිට එම රටවල් අමෙරිකාව සමග එළඹි ගිවිසුම් අනුව පැනවූ බදු ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද සිට අමෙරිකාවේ ආනයන බදු ක්‍රියාත්මක වන රටවල් සහ එම බදු අනුපාත සංශෝධනය වූ ආකාරය පහතින් දැක්වේ.
ඇන්ගෝලාව: 32% සිට 15% දක්වා
බංග්ලාදේශය: 37% සිට 20% දක්වා
බොස්නියාව සහ හර්සගොවිනා: 35% සිට 30% දක්වා
බොට්ස්වානා: 37% සිට 15% දක්වා
බෲනායි: 24% සිට 25% දක්වා
කාම්බෝජය: 49% සිට 19% දක්වා
කැමරූන්: 11% සිට 15% දක්වා
චැඩ්: 13% සිට 15% දක්වා
අයිවරි කෝස්ට්: 21% සිට 15% දක්වා
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය: 11% සිට 15% දක්වා
ගිනියාව: 13% සිට 15% දක්වා
යුරෝපීය සංගමය: 20% සිට 15% දක්වා (බොහෝ භාණ්ඩ සඳහා)
ෆෝක්ලන්ඩ් දූපත්: 41% සිට 10% දක්වා
ෆීජි: 32% සිට 15% දක්වා
ගයනාව: 38% සිට 15% දක්වා
ඉන්දියාව: 26% සිට 25% දක්වා
ඉන්දුනීසියාව: 32% සිට 19% දක්වා
ඉරාකය: 39% සිට 35% දක්වා
ඊශ්‍රායලය: 17% සිට 15% දක්වා
ජපානය: 24% සිට 15% දක්වා
ජෝර්දානය: 20% සිට 15% දක්වා
කසකස්තානය: 27% සිට 25% දක්වා
ලාඕසය: 48% සිට 40% දක්වා
ලෙසෝතෝ: 50% සිට 15% දක්වා
ලිබියාව: 31% සිට 30% දක්වා
ලීච්ටෙන්ස්ටයින්: 37% සිට 15% දක්වා
මැඩගස්කරය: 47% සිට 15% දක්වා
මලාවි: 17% සිට 15% දක්වා
මැලේසියාව: 24% සිට 19% දක්වා
මොරිෂස්: 40% සිට 15% දක්වා
මෝල්ඩෝවා: 31% සිට 25% දක්වා
මොසැම්බික්: 16% සිට 15% දක්වා
මියන්මාරය: 44% සිට 40% දක්වා
නැමීබියාව: 21% සිට 15% දක්වා
නාඌරූ: 30% සිට 15% දක්වා
නයිජීරියාව: 14% සිට 15% දක්වා
උතුරු මැසිඩෝනියාව: 33% සිට 15% දක්වා
පකිස්ථානය: 29% සිට 19% දක්වා
පිලිපීනය: 17% සිට 19% දක්වා
සර්බියාව: 37% සිට 35% දක්වා
දකුණු කොරියාව: 30% සිට 15% දක්වා
ශ්‍රී ලංකාව: 44% සිට 20% දක්වා
ස්විට්සර්ලන්තය: 31% සිට 39% දක්වා
තායිවානය: 32% සිට 20% දක්වා
තායිලන්තය: 36% සිට 19% දක්වා
ටියුනීසියාව: 28% සිට 25% දක්වා
වනුවාටු: 22% සිට 15% දක්වා
වියට්නාමය: 46% සිට 20% දක්වා
සැම්බියාව: 17% සිට 15% දක්වා
සිම්බාබ්වේ: 18% සිට 15% දක්වා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart