
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ වැරදි සම්බන්ධයෙන් ජනවාරි මාසයේ සිට මේ දක්වා පොලිස් නිලධාරීන් 300කගේ පමණ වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අනාවරණ කර තිබේ.
2024 දී පොලිස් නිලධාරීන් 200කගේ පමණ වැඩ තහනම් කර ඇතත්, මෙම වසරේ එම සංඛ්‍යාව සැළකිව යුතු ලෙස වැඩි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියා හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රතිරූපය කැළැල් වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
වසර 25ක් වැනි කාලයක් රාජ්‍ය සේවයේ නිරත වී සිටි ඇතැම් සේවකයන් විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වීමෙන් පසු මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් පවා අහිමි වී ඇති බව ඔහු පැවසීය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ වර්තමානයේ පොලිස්පතිවරයා, ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යන සියලු තනතුරු වැඩ බලන තනතුරු ලෙස පැවතීම අවාසනාවන්ත බවයි.
වත්මන් රජය සියලු වැරදිකරුවන්ට ඔවුන්ගේ නිලයන් සහ තනතුරු නොතකා දඬුවම් කිරීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart