
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල
මාසයකට පිරිමි කුකුළු පැටවුන් 5000කට ආසන්න ප්‍රමාණයක් පමණ ඌරන්ට කෑම සඳහා යොදවන බවට තොරතුරු
අනාවරණය වී ඇත. මෙය දැනට වසර ගණනාවක තිස්සේ සිදු කරන බව ද හෙළිවී තිබේ.
මේ සම්බන්ධව සිදුකළ සමාලෝචනයක දී කුකුළු ගොවිපොළවල ගැහැනු සතුන් හා පිරිමි සතුන් අතරින් පිරිමි සතුන් ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර වසර ගණනාවක් තිස්සේ සිදු කරන ක්‍රියාවලියක් බව තහවුරු වී ඇත.
මෙලෙස පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
රටේ කුකුළු මස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙම පිරිමි කුකුළු පැටවුන් යොදා ගැනීම සඳහා පියවර ගත හැකි
යැයි ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.
දැනට රටේ තරුණයන් විශාල පිරිසක් රැකියා විරහිතව සිටින බැවින් ඔවුන්ට මස් පිණිස කුකුළු පාලනය සඳහා මෙම සතුන් ලබාදීමට හැකි බවත් එමගින් රැකියා විරහිත තරුණයින්ට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් ඇමැතිවරයා පවසා තිබේ.
එබැවින් මස් පිණිස කුකුළු පාලනයට මෙම සතුන් ලබාදීමට හැකියාව තිබිය දී, මාසිකව පිරිමි කුකුළු පැටවුන් 5000ක්
ඌරන්ට කෑමට ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
(දිවයින පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart