
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය විවාහක කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ප්රසිද්ධ කළ භික්ෂුවකට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි මාස හයක සිරදඬුවමක් නියම කර ඇත.
එලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ රාජාංගනය ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ලෙස භික්ෂුවකි.
මහේස්ත්රාත්වරිය විසින් එම භික්ෂුවට දඩ වශයෙන් රුපියල් 2500ක මුදකල් ද වින්දිතයාට වන්දි වශයෙන් රුපියල් 100,000ක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.
අධිකරණයේදී අනාවරණ වී ඇති පරිදි ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ගොඩනැගී ඇත්තේ වැරදීමකින් ලද දුරකථන ඇමතුමක් ඔස්සේය.
පසුව එම කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා සමඟ අනුරාධපුර වන්දනාවේ යන අතරතුරදී අදාළ භික්ෂුව විසින් මෙම යුවළට විහාරස්ථානයේ නවාතැන් ලබා දී තිබේ.
අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසී සිටි භික්ෂුව සමඟ ඔවුන් හෝටල්වල, කාන්තාවගේ නිවසේ සහ වෙනත් ස්ථානවල හමු වූ බවයි.
එම කාන්තාව සම්බන්ධය නතර කිරීමට උත්සාහ කළ විට, එම භික්ෂුව එය ප්රතික්ෂේප කර ඇති අතර, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඇගේ සැමියාට සහ ඥාතීන්ට යොමුකර ඇතැයි ද අනාවරණ වී තිබේ.
පසුව එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම භික්ෂුව නිසි පරිදි පැවිදිවූවකු බවද පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart