
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය අනියම් බිරිඳගේ 11 හැවිරිදි දියණියට ලිංගික අතවර කළ බව කියන 62 හැවිරිදි භික්ෂුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම භික්ෂුව මැයි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම භික්ෂුව මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන අතර, අතවරයට ලක් වූ බව කියන දැරියගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම හිමිනම තම අනියම් බිරිඳට දියණිය සමඟ ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට පැමිණෙන ලෙස දන්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහි පැමිණි පසු කාන්තාවට අධික ලෙස මත්ද්‍රව්‍ය ලබාදී ඇති අතර, පසුව එම භික්ෂුව ඇයගේ බාලවයස්කාර දියණියට ලිංගික අතවර කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය වසන් කරන ලෙසට මව විසින් දරුවාට තර්ජනය කර තිබුණද ඇය ඒ බව තම පියාට සහ මිත්තණියට දන්වා ඇති අතර පසුව ඔවුන් පොලිසියට ඒ බව දන්වා ඇත.
හිමිනම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දරුවාගේ මව ඇප මත මුදා හැර තිබේ. ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart