
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් හි නිල සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ජනාධිපති පැට්රික් හර්මිනී සමඟ ද්විපාර්ශ්වික නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වා තිබේ. දෙරටේ නායකයින් මෙහිදී තම ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත ප්‍රගතිය සමාලෝචනය කිරීමට පියවර ගත්තේය.
ජනාධිපති හර්මිනී සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙයට පෙර ඉන්දියාවේ කළ සංචාරයකදී ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 175ක ඉන්දීය විශේෂ ආර්ථික පැකේජය පිළිබඳ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යමින් පවතින බවයි.
“මෙම වැඩපිළිවෙළ යටතේ සමාජ නිවාස, ප්‍රවාහන, කුසලතා සංවර්ධන, ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපන සහ ආරක්ෂක වැනි ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඉන්දීය සාගර කලාපයේ ආර්ථික සමෘද්ධිය මෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් තම රජය සතු දැක්ම ද මෝදි මෙහිදී පැහැදිලි කළේය.
“අපගේ අරමුණ ඉන්දීය සාගරය ‘අවස්ථා රැසක් සහිත සාගරයක්’ බවට පත් කිරීමයි. ඉන්දීය සාගරය අප සැමගේ පොදු නිවහන ලෙස අප සලකනවා. එහි ආරක්ෂාව, තිරසාරභාවය සහ සමෘද්ධිය අප සැමගේ හවුල් වගකීමක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සීෂෙල්ස් ජාතික මණ්ඩලය (National Assembly) ඇමතූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්විය.
මීට අමතරව, සීෂෙල්ස් රාජ්‍යය විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ගෞරව නාමයක් ලෙස ‘බ්ලූ හොරයිසන් හි ආරක්ෂකයා’ (Guardian of the Blue Horizon) යන සම්මාන උපාධිය ද පිරිනමන ලදී.
ඒ පිළිබඳව ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෝදි පැවසුවේ මෙම ගෞරවය නිහතමානීව පිළිගන්නා අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් වදින සහ පරිසරය ආරක්ෂා කිරීම අනාගත පරපුර වෙනුවෙන් තමන් සතු වගකීමක් ලෙස සලකන ලෝකයේ සියලුම රටවල් වෙනුවෙන් මෙය කැප කරන බවයි.
මෙය සියලු දෙනා එක්ව ජය ගත යුතු බරපතල අභියෝගයක් බව ද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart