
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයෙහි පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනකුට සහ පැවිදිවීමට අපේක්ෂාවෙන් එම ආරාමයේ සිටි කාන්තාවකට අඩත්තේට්ටම් කිරීම, තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එහි ප්‍රධාන සිල් මෑණියන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් පී.තේනබදු හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා වන්නේ අදාළ මෙහෙණින් වහන්සේ තිදෙනා ආරාමයෙන් අතුරුදන් බවට ලද පැමිණිල්ලකින් පසු වාර්තා වීමෙන් පසුවය.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර ආරමයේ රැඳී සිටි තවත් කාන්තාවක් සහ මෙහෙණින් වහන්සේ තිදෙනා පසුව නුවරඑළිය පොලිසියට බාරවී තිබිණි.
මෙම මෙහෙණින් වහන්සේ වයස අවුරුදු 12, 15 සහ 18 වන වියේ පසුවෙති. .
ප්‍රධාන සිල්මෑණියන් විසින් සිදුකරන හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව වෙනත් ඇඳුම් හැඳගෙන ආරාමයෙන් පළාගිය බවට මෙම මෙහෙණින් වහන්සේ පොලිසියට ප්‍රකාශ කර තිබේ.
එම මෙහෙණින් වහන්සේ සහ අදාළ කාන්තාව මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරය දී ප්‍රකාශ ලබාදීමෙන් පසුව ප්‍රධාන මෙහෙණින් වහන්සේ රිමාන්ඩ් භාරයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇත.
පළාගිය මෙහෙණින් වහන්සේ තිදෙනා සහ අදාළ කාන්තාව ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart