
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් හඳුන්වාදුන් සංකල්පයක් යටතේ ශ්‍රී ලාංකීය කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම කුසලතා සහ නිර්මාණශීලීත්වය දායක වූ කලාකරුවන් 120 දෙනකුට වැඩසටහනේ පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ 10) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිනමාව, වේදිකා, රූපවාහිනී, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමිණි.
කලාකරුවන්ට සාමවිනිසුරු පදවි පිරිනැමීමේ අරමුණ සහ එහි ඉතිහාසය මෙන්ම සාමවිනිසුරුවරයෙකුගේ කාර්ය භාරය පිළිබඳවද මෙම පිරිස දැනුවත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart