
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතික ප්‍රවර්ධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තයේ ඉහළම පුද්ගලයන් කිහිපදෙනකු සමඟ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා පවත්වා ඇත.
සමාජ මාධ්‍ය සටහනක, අමාත්‍ය හේරත් හෙළිකළේ ප්‍රසිද්ධ ඉන්දියානු නළුවෙකු සහ නිෂ්පාදකවරයකු වන රවි මොහාන් සහ ප්‍රශංසනීය ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සමඟ රැස්වීමක් පැවැත්වූ බවයි.
මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපෘති සහ සංගීත ප්‍රසංග දියත් කිරීම කෙරෙහි අවධානය යොමුකළ බව අමාත්‍යවරයා පවසයි.
සිය X පණිවිඩයේ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
“ජනප්‍රිය ඉන්දීය නළුවකු සහ නිෂ්පාදකයකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සමඟ හමුවක් අද උදෑසන එක් වුණා. ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් වැදගත් සාකච්ඡාවක අපි නිරත වූයෙමු. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය සහ සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද අපගේ සාකච්ඡාවේ දී අවධානය යොමුවිය. ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නාසුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart