
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා සහ මහවැලි ඇමැති රොෂාන් රණසිංහ ප්‍රදේශ කිහිපයක රජයේ ඉඩම් සිය හිතවතුන් අතර බෙදා දී ඇති බවත්, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ ද රජයේ ඉඩම් රැසක් එලෙස තම හිතවතුන් පිරිසකට ලබාදීමට සූදානම් වන බවත් පවසමින් මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි කවිරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහිණී කුමාරි කවිරත්න මන්ත්‍රීවරිය සහ රොෂාන් රණසිංහ ඇමැතිවරයා අතර අවස්ථා කිහිපයක දී අදහස් හුවමාරු වී ඇති බවත්, ලග්ගල ප්‍රදේශයේ ඉඩම් නොමැති පවුල් රැසක් සිටිය දී ඇමැතිවරයා විසින් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට සහ තම හිතවතුන්ට ඉඩම් බෙදාදීමට එරෙහිව මන්ත්‍රීවරිය විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවත් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් කරුණු හෙළිකර තිබේ.
මෙම ඉඩම් බෙදාදීම පිළිබඳව ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, අවශ්‍ය නම් මන්ත්‍රීවරියගේ හිතවතුන් 05දෙනකුටද ඉඩම් ලබාදිය හැකි බව ඇමැතිවරයා දැනුම්දී ඇතැයි මන්ත්‍රීවරිය පවසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් මෙම ඉඩම් බෙදාහැරීම වහා නවතා දමන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව ද පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart