May 18, 2026

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී ඇති ස්ත්‍රී දුෂණ නඩුවේ වින්දිත දැරිය වෙනුවෙන් ළමා රක්ෂණ අධිකාරීය පෙනී සිටින බව ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් විෂය භාර ඇමතිනී සරෝජා පෝල්රාජ් සඳහන් කරයි.

වින්දිත දැරියගේ පෞද්ගලික තොරතුරු මෙන්ම මෙම නඩුවට අදාළ විමර්ශන තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකි සිටින ලෙසද ඇමැතිවරිය ජනමාධ්‍ය වෙතින් ඉල්ලා සිටී.

එසේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් පවතින විශ්වාසය බිඳදැමීමට විපක්ෂය සහ තවත් කණ්ඩායම් දරන උත්සාහයන්වලට දැඩි සේ විරෝධය පළකරන බවත් ඇමතිවරිය අවධාරණය කරයි.

පහතින් දැක්වෙන්නේ ඇමතිවරිය මේ සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශයයි.