
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇත.
නීතිඥ සම්පත් යාලෙවත්ත මගින් යොමුකර ඇති මෙම එන්තරවාසියට පදනම් වී ඇත්තේ, 2026 පෙබරවාරි 01 වැනිදා හෝ ඒ ආසන්න දිනකදී නිරෝෂන් පාදුක්ක විසින් පවත්වන ලද ජනමාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයකි.
අසාදු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් අමාත්‍යවරයා භාවිත කර ඇති බව, එම ණය කාඩ්පත භාවිත කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බව සහ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහාම කරුණු හෙළිකළ යුතු බව සහ ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් එම ජනමාධ්‍ය සාකච්ඡාවේදී නිරෝෂන් පාදුක්ක විසින් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව අවධාරණය කරමින් අමාත්‍යවරයා මෙම එන්තරවාසිය මගින්, තමන් කිසිදු අවස්ථාවක එවැනි ණය කාඩ්පතක් භාවිත කර නොමැති බවත්, මෙය තමන් දූෂිත අයෙකු සහ අමාත්‍ය ධුරයට නුසුදුස්සෙකු බව මහජනතාවට හැඟවීමට ද්වේශසහගතව කරන ලද්දක් බවත් සහ නිකැළැල් දේශපාලන ජීවිතයක් පවත්වාගෙන ගිය තමන්ගේ කීර්තිනාමයට මින් දැඩි හානියක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව, අදාළ අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත ගෙවන ලෙස දන්වා ඇත. එසේ නොවුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි සඳහන් වේ.
2026 ජනවාරි මුලදී “ඔන්ඩන්සෙට්රෝන්” (Ondansetron) එන්නත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරවූ බවට චෝදනා කරමින් යූටියුබ් ජනමාධ්‍යවේදියෙකුට එරෙහිවද, අමාත්‍යවරයා රුපියල් බිලියනයක එන්තරවාසියක් යොමුකර තිබේ.
(whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart