
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් ඩයරි සමාගමට විකිණීමට සැලසුම් කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මිල්කෝ සමාගම විකිණීමට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, ‘හයිලන්ඩ්’ ඉන්දියාවේ අමුල් ඩයරි සමාගමට විකිණීමට තවත් කැබිනට් පත්රිකාවක් සකස් කර අවසන් බව ඔහු පවසයි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ආඩිගම, රිදියගම, නාරම්මල සහ පොළොන්නරුව කිරි ගොවිපළ ඇතුළු කිරි ගොවිපළ මෙම සැලැස්මට අනුව අලෙවි කරන බව ජාතික ජන බලවේගයේ මාවනැල්ල ආසන සම්මේලනය අමතමින් අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කමිටු දෙකක් පත්කර ඇති බවත්, ගොවිපළවල ඇති ඉඩම්, ගස්වැල් සහ වගාව තක්සේරු කිරීම සඳහා එක් කමිටුවක් ද, ගොවිපළවල සතුන් සහ උපකරණ තක්සේරු කිරීම සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්රධානත්වයෙන් යුත් තවත් කමිටුවක්ද පත්කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart