
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ‘අවලෝකිතේශ්වර බෝධිසත්ව’ නමින් තමන්ව හඳුන්වාගන්නා මහින්ද කොඩිතුවක්කු නැමැත්තාව අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරුට මානසික ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ වෛද්‍ය මනෝවෛද්‍යවරයා මහේස්ත්‍රාත්වරයාට පවසා තිබේ.
සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර, බන්ධනාගාරය හරහා මානසික ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඒ අනුව, පෙබරවාරි 07 වැනිදා දක්වා ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බෞද්ධ ඉගැන්වීම්වලට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාව මත සැකකරු පසුගිය ජනවාරි 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart