
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියක් වසක් තම ජීවිතය විඳින්නට හැකි වූ කොට්ටුකච්චියේ ඩබ්ලියු. එම්. මැණික්හාමි දරු මුණුබුරුන් හා මුණුබුරන්ගේ දරුවන් සමඟ එක්වී සිය වසරක් වෙනුවෙන් සැකසූ අපූරු උපන්දින කේක් ගෙඩියක් කපා මහත් සතුටින් එය සමරන්නට වූයේ අතීත මතක අලුත් කරමිනි.
1924 වසරේ උපත ලද මැණික්හාමිගේ උපන් ගම මහකුඹුක්කඩවල සොහොන්කල්ඹ ගම්මානය වන අතර, ඇය කොට්ටුකච්චියේ පදිංචි ඒ.එම්. බංඩප්පු සමඟ විවාහ වී තම දිවිය සියක් වසක් ගෙන යාමට වාසනාවන්ත වී ඇත.
විවාහයෙන් පසු දරුවන් එකොළොස්දෙනකු බිහිකරමින් එම දරුවන් එකොළොස්දෙනාම පැවති අසීරුකම් මැද උස්මහත් කරමින් සමාජයට යහපත් දරු පරපුරක් දයාද කරන්නට ගත් උත්සාහය ප්‍රශංසනීය වේ.
තම දිවිය ආරක්ෂා කරමින් දරුවන්ට හා මුණුබුරන්ට මහත් රැකවරණයක් ලබා දුන් ආදරණීය සැමියා වසර ගණනාවකට පෙර දිවියෙන් සමුගෙන ඇත්තේ තම බිරිය හා දරු මුනුපුරන්ට මහත් වේදනාවක් එක්කරමිනි.
දරුවන් එකොළොස්දෙනෙකුගේ මවක් වන මැණික්හාමිට මුණුබුරන් 24කි. එම මුණුබුරන් හටද මේ වන විට දරුවන් 24 දෙනකු සිටිති. ඒ සියලු දෙනාගෙම මුහුණු බැලීමට ඇය වාසනාවන්තය.
දරුවන් එකළොස්දෙනෙකුට ආදරය රැකවරණය දුන් මේ මාතාවට ඇගේ දරුවන් සියලු දෙනාම එක්ව ලබාදෙන ආදරය පුදුමාකාරය.
තම මහලු මවුපියන් පාරවල් අසල දමා යන දරුවන් සිටින රටක මැණික්හාමිගේ දරුවන් සැබෑම දරුවන් ලෙස තම යුතුකම මව වෙනුවෙන් ඉටුකරන්නේ ඇයව මහත් ආදරයෙන් රැකබලා ගනිමිනි.
සියක්වසක් සමරමින් ඇය ජන්ම දිනය සමරද්දී ඇයට සුබ පතන්නට අසල්වැසියන් ඥාතීන් හා හිතවතුන් පැමිණීමෙන් ඇය තවත් සතුටට පත්වූවාය.
කොට්ටුකච්චිය ගම්මානයට මේ වන විට සියක් වසක් සමරන්නට හැකිවූ එකම කාන්තාව මැණික්හාමි පමණක් බව පැවැසේ.
ඇයට තවත් කලක් නීරෝගීව වාසය කරන්න පැමිණි බෝහෝ දෙනා දිර්ඝායුෂ ප්‍රර්ථානා කරන්නට අමතක කළේ නැත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart