
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවීම පැහැර හැර තිබෙන බව කියන රුපියල් මිලියන 5800 ක වැට් බදු මුදල් නිදහසට කරුණු නොකියා වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂවරුන්ට නියම කළේය.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මිගාර මහාරච්චි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරු වශයෙන් නම් කර සිටින අදාළ සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනීසිටියේය.
එහිදී විත්තිකාර සමාගමේ අධ්යක්ෂකවරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් හිඟ වී ඇති බදු මුදල්වලින් කොටසක් මේ වනවිට ගෙවා ඇති බව පැවසීය.
මේ වනවිට විත්තිකාර සමාගමේ දේපළ තහනමට ගෙන අදාළ දේපළ බැංකුවලට සින්න වී ඇති බව පෙන්වා දුන් එම නීතිඥවරයා මුදල් ගෙවූ ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇතැයි ද පැවසුවේය.
එහිදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා කියාසිටියේ අදාළ බදු මුදල් ගෙවා තිබේ නම් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවයි.
අදාළ ලියවිලි සොයා ගැනීමට නොහැකි බවට ප්රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවත් ඔහු පැවසුවේය.
බදු ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති නිසාත් විශාල බදු මුදල් ප්රමාණයක් නොගෙවා පැහැරහැර හිඟ තබා ඇති නිසාත්, විත්තිකරුට තවදුරටත් සහන සලසා දීමට හැකියාවක් නොමැති බවත් නීතිඥවරයා අවධාරණය කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව පෙන්වාදෙනු ලැබීය.
ඒ අනුව අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කළ අතිරේක මහේස්ත්රාත්වරයා බදු මුදල් නැවතත් ප්රමාදයකින් තොරව ගෙවන්නේද? නැද්ද? යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේ ස්ථිර ලෙස කරුණු දක්වන ලෙසත් නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart