March 20, 2026

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් ලෝකාන්තයෙන් පහළට ඇදවැටී තිබේ.

අඩි 50 ක් පහළදී අත්තක එල්ලී දිවි බේරා ගැනීමට ඇය සමත්වී ඇති බව වාර්තා විය.

පසුව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ රියදුරෙකු දිවි නොතකා ඇය බේරාගැනීමට ඉදිරිපත්ව ඇත.

අත්තේ එල්ලී සිටි සිසුවිය අසළට ගොස් ඇයව බේරාගැනීමෙන් පසු ගලක වාඩිකර ඉහළට ගෙන ඒ්ම සඳහා පට්ටිපොළ පොලීසියේ, යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය ලබාගෙන තිබේ.

මහත් පරිශ්‍රමයක් දරා පැය තුනක පමණ මෙහෙයුමකින් පසු ඉහළට ගත් වෛද්‍ය සිසුවිය ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත.