May 17, 2026

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පන්දු අටක් පමණක් යවා ආබාධයකට ලක්වීමත් සමඟ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ මංගල තරගයේ බලාපොරොත්තු සුන්වීමකින් අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයටහනය සමග පැවැති ශරීර සුවතා පරීක්ෂණ ගැටළු හේතුවෙන් මතීෂ පතිරණට IPL තරඟ 13 ක් මඟහැරිණි.

කෙසේවෙතත් අවසානයේඔහු IPL මෙවර තරග වරයා සඳහා සහභාගී වූ නමුත්, සහභාගී වූ පළමු තරගයේදීම ආබාධයකට ලක්වී මෙලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

මතීෂ පතිරණව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර මිලදීගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 18කටය.