
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභාවප්රාප්ත රොනී ද මැල්ගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය මාතර කොටුව ක්රිඩාංගණයට ගොඩ බැස්සවීමට යෑමේදී ඇති වූ තද සුළං හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පානවලට දැඩි අලාභ හානි සිදුව තිබේ.
කෙසේවෙතත්, අගමැතිවරයා ඇතුළු මගීන්ට කිසිදු හානියක් නොවන පරිදි හෙලිකොප්ටරය ගොඩබැස්සවීමට නියමුවාට හැකි වී ඇත.
එම අවස්ථාවේ ඇති වූ තද මුහුදු සුළඟ මෙම සිද්ධියට හේතු වී ඇති බව මාතර තානායමේ කළමනාකාරවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්රභූ ආරක්ෂක නිලධාරීන්ගේ සහ දේශීය හා විදේශීය සංචාරකයන්ගේ පිඟන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබිණි.
ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල ද ඉවත්කර දැමීමට සිදු වූ බව ද වාර්තා විය.
තානායමේ මත්පැන් අවන්හල පිහිටි ස්ථානයේ වහල ගැලවී ගොස් තිබිණි.
නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් දෙස් විදෙස් සංචාරකයන් සිය විරෝධය පළකළ බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart