
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතලේ මහ රෝහලට ඇතුළු විය හැකි අනවසර පිවිසුම් කිහිපයක් හේතුවෙන් රෝහලේ ආරක්ෂාව පිළිබඳව දැඩි ගැටළු මතුවෙමින් පවතින අතර රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අවදානමට ලක්ව ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව පැවසුවේ රුපියල් මිලියන 170ක වටිනාකමකින් යුතුව ප්‍රතිසංස්කරණය කරන ලද රෝහල් ඒකකයක් විවෘත කළ අවස්ථාවේදීයි.
එම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිටියේය.
රෝහල් පරිශ්‍රයට ඇතුළු විය හැකි අනවසර පිවිසුම් ඔස්සේ විවිධ පුද්ගලයන් රෝහලට ඇතුළු වන අතර ඇතැම් වාහන රෝහල් පරිශ්‍රය කෙටිමඟක් ලෙස භාවිත කරමින් කාර්ය මණ්ඩල වාහනවලට හානි සිදුකරන බව ද වෛද්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.
රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය සහ වෛද්‍ය උපකරණ නොමැතිකම වැනි අභියෝග ද පෙන්වාදුන් ඔහු, එම ගැටළු සදහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සියලු ප්‍රවේශ මාර්ගවල සීසීටීවී කැමරා සවිකිරීමටත්, සේවක නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත්, පස්මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීමටත් කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart