
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට විශාලත ඇඟලුම් නිෂ්පාදකයකු වන මාස් සමූහ ව්‍යාපාරයට (MAS Holdings) අයත් ප්‍රධාන කර්මාන්තශාලා 03ක් අද සිට වසාදැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
මෙලෙස වසාදමා ඇත්තේ කිලිනොච්චිය, මිහින්තලේ සහ මහියංගනය යන කර්මාන්තශාලා 03යි.
ඇඟලුම් සඳහා ලැබෙන ඇණවුම් ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙලෙස කර්මාන්තශාලා වසාදැමීමට හේතුවී ඇත.
වාර්තා සඳහන් කරන ආකාරයට නැවත ඇණවුම් නැවත ඇණවුම් ලැබුණු පසු ලබන නොවැම්බර් මාසයේදී කර්මාන්තශාලාවල මෙහෙයුම් නැවත ආරම්භ කරන බව පාලනාධිකාරිය සේවකයන්ට දැනුම්දී ඇත.
කිලිනොච්චිය කර්මාන්තශාලාවේ පමණක් සේවකයන් 1600කට වැඩි පිරිසක් සේවය කරන බව වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් සේවක වැටුප්වල වෙනසක් සිදුකෙරෙන බවක් පාලනාධිකාරිය මෙතෙක් සේවකයන්ට දැනුම්දී නැත.
පසුගිය අගෝස්තු 16වැනිදා මාස් සමුහ ව්‍යාපාරය විසින් මෙලෙස සිය කර්මාන්තශාලා වසාදැමීමට සුදානම් වන බව ceylonwire.lk විසින් පළමු වරට අනාවරණය කෙරිණි.
මෙම කර්මාන්තශාලා වල සේවය කරන දහස් ගණනක් සේවක පිරිස් මේ වන විට පසුවන්නේ සිය රැකියා පිළිබඳ විශාල බියකිනි.
ඒ අතුරින් ඇතැම් තරුණ සේවකයන් දැනටමත් කොළඹ ආශ්රිත ඉදිකිරීම් ව්‍යාපෘතිවල සුළු සේවකයන් ලෙස රැකියා සොයමින් සිටින බවද වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart