September 16, 2026

ශ්‍රී ලංකාහෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ඉහළම තත්ත්වයේ හෙල්ල කට්ටලයක් ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉදිරිපත් වී තිබේ.

ප්‍රධාන පෙළේ අන්තර්ජාතික තරඟ කිහිපයකදීම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් රුමේෂ් තරංග ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත්කර දීමට සමත් විය.

රුමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඩඩ්ලි සිරිසේන මෙම අනුග්‍රහය ලබා දීමට එකඟ වී ඇත.

එසේම, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජැව්ලින්හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ ඉලක්කය සපුරා ගන්නා තෙක් රුමේෂ්ට දිගටම සහාය දැක්වීමටද ඩඩ්ලි සිරිසේන පොරොන්දු වී තිබේ.

ඒ අනුව, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාරගේ මැදිහත්වීම මත රජය විසින් ලබාදෙන හෙල්ල උපකරණවලට අමතරව, සෑම වසරකම උසස්ම තත්ත්වයේ හෙල්ල කට්ටල රුමේෂ් වෙත ලබා දීමට ඩඩ්ලි සිරිසේන තීරණය කර ඇත.