
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කළ සංවාදයක් ඇතුළත් සමාජ මාධ්‍යවල පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ජනමාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු එහිදී පැවසුවේ අවමංගල්‍ය උත්සවයකදී ප්‍රසිද්ධියේ මෙම සංවාදය සිදුව ඇති නමුත් එය පටිගත කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවයි.
“මාස කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකදී මට ජනාධිපතිතුමා හමුවුණා. ජනාධිපතිතුමාම මට කතාබහකට ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මගේ මතය විමසා සිටියා. මම කිව්වා මුදල් ඇමතිවරයා විදියට එතුමාට බලය තියෙනවා යෝජනාවට අත්සන් කරන්න, ඉදිරියට ගිහින් තමන්ට අවශ්‍ය දේ කරන්න කියලා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසුවේය.
එම සංවාදය සිදුවී මාස කිහිපයක් ගතව ඇතත් එහි හඬපටය ජනාධිපතිවරයා විසින් මීට දින කිහිපයකට පෙර නිකුත් කර ඇති බව ද ඔහු එහිදී පැවැසුවේය.
කෙසේවෙතත් එම අවස්ථාවේ සංවාදය පටිගත කළ බව ජනාධිපතිවරයා තමාට දන්වා සිටි බව ප්‍රකාශ කළ මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුවේ සංවාදය ප්‍රසිද්ධියේ සිදුවූවක් බැවින් තමාට ඉන් ගැටළුවක් නොමැති බවයි.
එමෙන්ම රාජපක්ෂලාගේ සහය ඇතිව පිහිටවූ ආණ්ඩුව යටතේ ජනාධිපතිවරයා විසින් ඇමති ධුරයක් ලබාදීම මීට පෙර තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවත්, එම කණ්ඩායමට එක්වීමේ අදහසක් තමාට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් එහිදී වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart