
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව, දිවයින පුරා අලුතින් මධ්‍යස්ථාන 2000ක් ස්ථාපනය කරමින්, ආසන්න වශයෙන් 10,000 ක ජන සංඛ්‍යාවකට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට, ඒ අතුරින්, ප්‍රථම මධ්‍යස්ථාන 100 මෙම වසරේ ම පිහිටුවීමට සහ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ට ලබන වසර මුල දී යතුරුපැදි ලබාදීමට පියවර ගන්න බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරට ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේ දී ලබාදීම ප්රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers – PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහි දී මෙම කරුණු අනාවරණය විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය (Primary Healthcare Unit) විසින් මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන මගින් මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000 ක් ආවරණය වන පරිදි එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, මුල් අදියර යටතේ ඉදිරි වසර 03 තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 2000 ක් ස්ථාපිත කිරිමට නියමිතය. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් මෙම වසරේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, 08 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් සහිත ව මෙම මධ්‍යස්ථාන ඉදිරියේ දී සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මේ දක්වා මෙරට වැඩිම අවධානය යොමුව තිබෙනුයේ සුපුරුදු පරිදි ද්විතියික හා තෘතීයික මට්ටමේ රෝහල් සංවර්ධනයට බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයට වඩා රෝහලකට මහල් කිහිපයක ගොඩනැගිලි ලබාදීම දේශපාලනිකව වැදගත් යුගයක් ව පැවැති බවද පෙන්වාදී ඇති අමාත්‍යවරයා, අනාගතයේ දී ඊට එහා ගමනක් යෑම සදහා ඉදිරි වසර 03 තුළ මෙම නව වැඩසටහනට ප්‍රවිශ්ථ විය යුතු බව අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart