
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හාස්‍ය රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට ජනප්‍රිය හාස්‍ය ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වාගේ බිරිඳ වන ඇය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) ඇය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
මානෙල් චන්ද්‍රලතා වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිට ඇත.
මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවූවාය.
ඇයගේ දේහය දැනට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇත.අවසාන කටයුතු (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart