
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයන් තිදෙනෙකු මිය යාමට හේතු වූ ‘හැන්ටාවයිරස්’ රෝග ව්‍යාප්තියක් ඇතැයි සැක කෙරෙන MV Hondius සුඛෝපභෝගී මගී නෞකාව තුළ පවතින බිය සහ අවිනිශ්චිතභාවය විස්තර කරමින් එහි සිටින ඇමරිකානු සංචාරක අන්තර්ජාල ක්‍රියාකාරිකයෙකු කඳුළු සලමින් සිය අත්දැකීම් විස්තර කළේය.
කේප් වර්ඩ් බලධාරීන් නෞකාව වරායට පැමිණීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, මගීන් සහ කාර්ය මණ්ඩලය 150 කට වැඩි පිරිසක් බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් වූ මුහුදේ අතරමං වී සිටිති.
ආර්ජන්ටිනාවේ සිට ඇන්ටාක්ටිකාව දක්වා සති කිහිපයක සංචාරයක යෙදී සිටි නෙදර්ලන්ත ධජය සහිත මෙම නෞකාවේ සිටින බොස්ටන්හි වෙසෙන සංචාරක බ්ලොග්කරුවෙකු වන ජේක් රොස්මරින් හැඟීම්බර ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේය.
ඉන්ස්ටග්‍රෑම් හි 44,000 කට අධික අනුගාමික පිරිසක් ඔහු සතුය.
“සාමාන්‍යයෙන් මම මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැහැ, නමුත් මට යමක් කිව යුතුයි කියලා හැඟෙනවා. ඒ නිසා මම කරුණු කිහිපයක් ලියා ගත්තා. මම දැනට මේ නෞකාව ඇතුළේ ඉන්නේ. මෙතැන සිදුවන දේවල් සහ අපේ හැසිරීම් දැන් අප සැමට ඉතාමත් බැරෑරුම් අත්දැකීමක් වෙලා,” ඔහු එම වීඩියෝවේ පවසා සිටියේය.
“අපි හුදෙක් ප්‍රවෘත්තියක් විතරක් නෙමෙයි. අපි මිනිස්සු බ්ලොග් හරහා කියවන සිරස්තල විතරක් නෙමෙයි. අපිට පවුල් තිබෙනවා, අපේ ගෙවල්වල අපි එනකම් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. මෙතැන ලොකු අවිනිශ්චිතභාවයක් තිබෙනවා. ඒක තමයි අමාරුම දේ. අපිට දැන් අවශ්‍ය කරන්නේ ආරක්ෂිත බවක් දැනෙන්න සහ පැහැදිලි තොරතුරු දැනගෙන නැවත ගෙදර යන්නයි.”
“ඉතින් ඔබ මේ ගැන ප්රවෘත්ති දකිනවා නම්, මතක තබා ගන්න මෙහි පිටුපස සැබෑ මිනිසුන් සිටින බවත්, මෙය කොහේ හෝ ඈතක සිදුවන දෙයක් නොවන බවත්.”
“මෙය දැන් අපට සිදුවෙමින් පවතින දෙයක්. මට හැකි වූ විට මම තවත් තොරතුරු බෙදාගන්නම්, නමුත් දැනට මම ඔබෙන් ඉල්ලා සිටින්නේ කාරුණිකව මෙය තේරුම් ගන්නා ලෙසයි.” යනුවෙන් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart