June 25, 2026

15 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් වසර 32ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

සිරදඬුවමට අමතරව, වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කරන ලදී.

නීතිපතිවරයා විසින් පවරන ලද අධිචෝදනා පත්‍ර පදනම් කර ගනිමින් පවත්වන ලද දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම නඩුව 2016 වසරේ ජූලි මාසයේදී තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමකට අදාළව පවරා තිබුණකි.

නඩු විභාගය අතරතුර ඉදිරිපත් වූ සාක්ෂි සියල්ල සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරු මෙම චෝදනාවලට වරදකරු බව අධිකරණය නිගමනය කළේය.