
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ සහ ඉන්දියාවේ පුරවැසියන්ට දින 30ක කාලයක් දක්වා මැලේසියාවේ රැඳී සිටීමට හැකිවන පරිදි වීසා රහිත ප්රවේශය ලබාදීමට තීරණය කර ඇති බව එරට අගමැති අන්වර් ඊබ්රහිම් පවසයි.
ඒ අනුව,දෙසැම්බර් 1 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ වේ.
අගමැති අන්වර් සිය මහජන යුක්ති පක්ෂයේ සම්මේලනයේ දේශනයකදී මෙම නිවේදනය කළ අතර වීසා නිදහස් කිරීම කොපමණ කාලයක් සඳහා අදාළවේද යන්න එහිදී ප්රකාශ නොවිණි.
චීනය සහ ඉන්දියාව මැලේසියාවේ සිව්වැනි සහ පස්වැනි විශාලතම සංචාරක වෙළඳපොළ වේ.
රජයේ දත්තවලට අනුව, මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ මැලේසියාවේ සංචාරක පැමිණීම් මිලියන 9.16ක් වාර්තා වී ඇති අතර, චීනයෙන් සංචාරකයන් 498,540ක් සහ ඉන්දියාවෙන් සංචාරකයන් 283,885ක් පැමිණ තිබේ.
එය කොවිඩ් වසංගතයට පෙර හා සසඳන විට 2019 එම කාල සීමාව තුළ චීනයෙන් පැමිණ තිබු සංචාරකයන් ගණන මිලියන 1.5ක් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් ගණන 354,486ක් වේ.
අසල්වැසි තායිලන්තය විසින් ඔවුන්ගේ සංචාරක ක්ෂේත්රය නංවාලීමට සහ එහි මන්දගාමී ආර්ථිකය උත්තේජනය කිරීමට චීන සහ ඉන්දියානු ජාතිකයන් ඇතුළු සංචාරක කණ්ඩායම් වෙත ලබාදුන් නිදහස් ප්රවේශය හා සමාන ක්රියාමාර්ග අනුගමනය කරමින් මැලේසියාව මෙම පියවර ගෙන ඇත.
දැනට, චීන සහ ඉන්දියානු ජාතිකයන් මැලේසියාවට ඇතුළු වීමට වීසා සඳහා අයදුම් කළ යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart