
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන්ගෙන් බහුතරයක් සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටම් ඇති පුද්ගලයන් බවත්, ඔවුන් දැඩි පුනරුත්ථාපන ක්‍රියාවලියක් අවශ්‍ය පිරිස් වන අතර, රැකියා විරහිතව සිටින බැවින් එවැනි පුද්ගලයන් රජයට බරක් වී ඇති බවත් මෑත කාලීන අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදුකරන ලද එම පර්යේෂණයේදී 2023 වසරේ බන්ධනාගාර දත්ත සහ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි රටා විශ්ලේෂණය කර තිබේ.
එම දත්ත ආශ්රයෙන් සිදුකළ ආධ්යනයකදී ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ 2023 දී විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 185,056 දෙනකු සිරගත කර ඇති බවයි.
ඉන් 46,939 දෙනකු වරදකරුවන් වී ඇති අතර, ඔවුන්ගෙන් 29,192 දෙනකුම සෘජුවම මත්ද්‍රව්‍යවලට සම්බන්ධවූවන් බව අනාවරණ වී තිබේ.
එමෙන්ම අදාළ අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගෙන් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන මෙරට ප්‍රධාන දිස්ත්‍රික්ක හතරකින් බවයි.
වයස සම්බන්ධයෙන් ගත්කල, වරදකරුවන් වූ පුද්ගලයන්ගෙන් 8,491 දෙනකු වයස අවුරුදු 22 ත් 30 ත් අතර කාණ්ඩයේ වන අතර, 8,941 දෙනෙකු වයස අවුරුදු 30-40 අතර පසුවූවන් වේ.
එමගින් පෙන්නුම් කරන්නේ තරුණ හා මැදිවියේ පුද්ගලයන් මෙරට වැඩිවශයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart