December 27, 2025

පාකිස්තානයේ ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය මගින් විදේශ අනුග්‍රහය ලත් විශාල සයිබර් වංචා සහ පොන්සි යෝජනා ක්‍රම ජාලයකට එරෙහිව කරච්චි හිදී ප්‍රධාන මෙහෙයුමක් සාර්ථකව සිදු කර තිබේ

එරට ජනමාධ්‍ය වාර්තා කළේ මෙහෙයුමේදී චීන ජාතිකයන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැටලීම් වලදී පරිගණක, DVR, ජංගම දුරකථන, USB උපාංග සහ චීන සිම් කාඩ්පත් ඇතුළුව සැකකරුවන් භාවිත කළ උපකරණ රැසක් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මහජනතාව මූල්‍යමය වශයෙන් උගුලට හසු කර ගැනීම සඳහා ටෙලිග්‍රෑම් යෙදුම භාවිතා කරමින් මාර්ගගත යෝජනා ක්‍රම හරහා වංචාව සිදු කර ඇතැයි බලධාරීන් පැවසූහ.

මෙම මෙහෙයුම පසුගිය දශකය තුළ සින්ද් හි සයිබර් වංචාවට එරෙහි විශාලතම මර්දනය ලෙස විස්තර කෙරේ. එය සංවිධානාත්මක සයිබර් අපරාධ ජාලවලට දැඩි පහරක් එල්ල කරන අතර අනාගත මාර්ගගත වංචාවන්ට එරෙහිව ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ලෙස පැවසේ.