
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ Majestic Pride Casino ස්ථාපිත කිරීම වෙනුවෙන් Golden Island Hospitality (පෞද්) සමාගම සහ ඉන්දියාවේ ප්‍රමුඛතම සූදු ක්‍රීඩා සමාගම් සමූහයක් වන Majestic Group Hotels & Casinos සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
මේ අනුව ලොව ඉහළ මට්ටමේ සූදු ක්‍රීඩා අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් Majestic Pride Casino මධ්‍යස්ථානය කොළඹ අගනගරයේ නෙළුම් කුලුණ පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ M/S Golden Island Hospitality පෞද්ගලික සමාගමට කැසිනෝ ව්‍යාපාර බලපත්‍රයක් ලබා දී ඇත.
මීට අදාළ සියලු ගිවිසුම් කටයුතු පසුගිය ජූලි 04 දින අවසන් කිරීමත් සමඟම මෙරට සූදු ක්‍රීඩා ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක් ආරම්භ කිරීමට Majestic Pride Casino සූදානමින් සිටී.
මෙම ව්‍යාපාර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 17(2) වගන්තිය යටතේ 2024 අගෝස්තු 01 වැනි දින Golden Island Hospitality Private Limited හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් ද අත්සන් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart