
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි දහයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර ඇති කාලසීමාව ලබන බදාදා (12 වැනිදා) අවසන්වීමට නියමිතය.
මෙම වසරේ ජනවාරි 12 වැනිදා ඒකමතිකව තීන්දුවක් දෙමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුබ ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයාට නිඋංඅ කරන ලද්දේ අදාළ වන්දි මුදල මාස හයක කාල සීමාවක් ඇතුළත ගෙවන ලෙසයි.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා මේ වනතුරු එම වන්දි මුදල ගෙවා නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළ ආකාරයට වන්දි මුදල අදාළ දිනය පෙර නොගෙවුවහොත්, එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිය හැකියැයි නීති විශාරදයෝ පෙන්වාදෙති.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් පාස්කු ප්‍රහාරවල වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ඉකුත් 2023 ජනවාරි 12 වැනිදා නියෝග කළේය.
ඒ අනුව පාස්කු ප්‍රහාරවල වින්දිතයින්ට රුපියල් කෝටි දහයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඊට අමතරව රුපියල් මිලියන හැත්තෑපහ බැගින් වූ වන්දි ගෙවන ලෙස පූජිත ජයසුන්දරට සහ නිලන්ත ජයවර්ධනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
රුපියල් මිලියන පනහක වන්දියක් ගෙවන ලෙස හේමසිරි ප්‍රනාන්දුට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් මිලියන දහයක වන්දියක් ගෙවන ලෙස සිසිර මෙන්ඩිස්ට නියෝග කළේය.
අදාළ වන්දි මුදල් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වින්තිකරුවන් පස් දෙනාට නියෝග කළේය.
එහෙත් කිසිදු විත්තිකරුවකු මෙතෙක් එම වන්දි මුදල් ගෙවා නොමැත.
(මුලාශ්‍රය – අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart