
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකරට ඇප ලබාදෙන ලෙස පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට අගවිනිසුරු ධුරය දැරූ කේ. ශ්‍රීපවන්ට දුරකථනය ඔස්සේ බලපෑම් කිරීමේ සිදුවීමක් පිළිබඳ මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ අදාළ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නැයි එවක කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර කරමින් පොලිස් රජකාරියට බාධා කිරීමේ වරද සම්බන්ධයෙන් එවකට රත්නපුර ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ ලලිත් ජයසිංහට අධිකරණය මගින් වසර පහක සිර දඩුවමක් නියම කිරීමෙන් පසුව වීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා අමතා බලපෑම් කිරීමේ සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට විමර්ශනයක්ද සිදුකර ඇති අතර, කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂණ වාර්තා සඟවා ඇති බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් මෙරට ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත සඳහන් කරයි.
එම අනාවරණය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart