
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට වසර දහයකට පෙර ශ්‍රී ලංකාවේ සිදුකළ උපායමාර්ගික ආයෝජන හේතුවෙන් චීනයට අන්තර්ජාතික ප්‍රජාව වෙතින් එල්ල වූ දැඩි චෝදනා සහ විවේචන හමුවේ, ඉදිරියේදී කුඩා පරිමාණයේ ආයෝජන වෙත අවධානය යොමුකිරීමටත්, සිය රාජ්‍ය අයිතිය සහිත සමාගම්වල (State-owned enterprises) මැදිහත්වීම අවම කිරීමටත්, එක් තීරයක් සහ එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ආයෝජන ලබන රටවල කාර්මික ධාරිතාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමටත් චීන බුද්ධිමතුන් අතර දැඩි සම්මුතියක් ගොඩනැගෙමින් පවතින බව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ පර්යේෂක ඉවාන් ලිඩරෙව් පවසා තිබේ.
“ඔවුන් තමන් ලැබූ අත්දැකීම්වලින් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස චීනයේ ප්‍රධානතම අන්තර්ජාතික සබඳතා සඟරාවක් වන Xiandai Guoji Guanxi හි ඔවුන්ගේ හොඳම දකුණු ආසියානු විශේෂඥයින් ලියූ ලිපි පරිශීලනය කළ හැකියි. ඔවුන් සිය අත්දැකීම් ඉතා විශ්ලේෂණාත්මක ලෙස අධ්‍යයනය කරමින් තර්ක කරන්නේ, අනාගතයේදී චීනය කුඩා පරිමාණයේ ආයෝජන, අඩු රාජ්‍ය සමාගම් මැදිහත්වීමක් සහ අදාළ රටවල සිවිල් සමාජය සමඟ වැඩි සබඳතාවක් පැවැත්විය යුතු බවයි” ලිඩරෙව් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ චීන රජය විසින් සිදුකරන ලද දැවැන්ත යටිතල පහසුකම් ආයෝජන අතරින් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය දීර්ඝ කාලයක සිට දේශීය හා අන්තර්ජාතික වශයෙන් දැඩි විවේචනයට ලක් විය. ඒ අදාළ ව්‍යාපෘතිවල විශාලත්වය, ඒ හා බැඳුණු ණය සහ සීමිත වාණිජ භාවිතය හේතුවෙනි.
මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 210 ක මුදලකින් ඉදිකරන ලද අතර, හම්බන්තොට වරාය සඳහා චීන EXIM බැංකුව හරහා ඩොලර් මිලියන 461 ක මුලික ණය මුදලක් ලබා ගන්නා ලදී. පසුව එම වරාය ඩොලර් බිලියන 1.1 කට වසර 99 ක බදු පදනම මත ‘China Merchants Port Holdings’ සමාගම වෙත පැවරීය.
හම්බන්තොට වරාය මේ වන විට සැලකිය යුතු මෙහෙයුම් ප්‍රගතියක් ලබා ඇති අතර, 2025 වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 8.24 ක භාණ්ඩ ප්‍රමාණයක් හසුරුවා ඇත. දැනට සිදුවන ධාරිතා ව්‍යාප්තියත් සමඟ 2026 අග වන විට TEU මිලියන 2 ක් හැසිරවීමට අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත්, ජූලි මාසයේ ජනමාධ්‍ය වාර්තා අනුව, මත්තල ගුවන්තොටුපළ දිනකට රුපියල් මිලියන 6 ත් 7 ත් අතර පාඩුවක් ලබන අතර, එය වසරකට රුපියල් බිලියන 4 ක ආසන්න පාඩුවකි. 2013 දී විවෘත කළ තැන් පටන් එහි සමුච්චිත ශුද්ධ පාඩුව රුපියල් බිලියන 40 ආසන්නයට පැමිණ තිබේ.
මෙම රාජ්‍ය දේපළ ගොඩගැනීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකා රජය 2026 අප්‍රේල් මාසයේදී අභිලාෂයන් ප්‍රකාශ කිරීමේ (EOI) යෝජනා කැඳවූ අතර, ජූලි දක්වා කාලය දීර්ඝ කිරීමෙන් පසු අන්තර්ජාතික සහ දේශීය සමාගම් එකමුතු වෙතින් ඡන්ද යෝජනා 19 ක් ලැබී තිබිණි.
ලිඩරෙව් පැහැදිලි කළේ, BRI ව්‍යාපෘතිය වටා ඇති වූ ‘ණය උගුල’ (debt trap) පිළිබඳ කථිකාවත් සමඟ ශ්‍රී ලංකාවේ චීන අත්දැකීම අභියෝගයට ලක්වූ බවයි. පසුව ජනප්‍රියතාවයෙන් ගිලිහී ගිය පාලකයන් සමඟ චීන රජය පැවැත්වූ සබඳතා නිසා මෙම තත්ත්වය තවත් උග්‍රවී ඇත.
“ශ්‍රී ලංකාවේ අත්දැකීමෙන් චීනය තරමක් බැට කෑවා. පළමුවැන්න ‘ණය උගුල්’ රාජ්‍යතාන්ත්‍රිකභාවය යන මතය නිසා අන්තර්ජාතික ප්‍රජාව වෙතින් එල්ල වූ විරෝධයයි. අනිත් කරුණ නම් චීනය ‘රාජපක්ෂ රාජවංශය’ වෙනුවෙන් වැඩි දේශපාලන ආයෝජනයක් කිරීමයි. හංගේරියාවේ ඕර්බාන් රජය සහ සර්බියාවේ වුචිච් රජය සමඟද ඔවුන් කළේ එයයි.”
“මෙය ශ්‍රී ලංකාව තුළ තමන්ව ඉතා අවදානම් සහගත දේශපාලන තත්ත්වයකට ඇදදමන බව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සමඟ ගනුදෙනු කිරීම හෝ චීන ආයෝජන සහ කාර්මික ධාරිතාව හැසිරවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ඔවුන් ගැඹුරින් සිතා බලා තිබුණේ නැහැ”
“ඔවුන්ගේ රාජ්‍ය සමාගම් විශාල ප්‍රමාණයක් මෙම වැඩ සඳහා යොදවා ගත්තා. ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමේදී ඔවුන් යම් තරමක අදක්ෂතාවයක් පෙන්වූ අතර එය මුලදී බොහෝ ගැටලුවලට මගපෑදුවා. මෙය ශ්‍රී ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමෙයි, මුළු BRI ව්‍යාපෘතියේම තිබෙන ගැටලුවක්”
තවද, ආයෝජන ලබන රටවලට ඒවා හැසිරවීමට ඇති හැකියාව මෙන්ම, දූෂණය, දේශපාලන හිතවත්කම් සහ අකාර්යක්ෂමතාව වැනි අදාළ සමාජයන් තුළින් ආයෝජන සඳහා මතුවන බාධක කෙරෙහි ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකළ යුතු බවට චීන බුද්ධිමතුන් යෝජනා කරන බව ලිඩරෙව් වැඩිදුරටත් පවසයි.
(උපුටාගැනීම – The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart