
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික මහියංගන පුදබිම නිල වශයෙන් පිළිගත් පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ, ඊට අදාළ සන්නස් පත්‍රය මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාරයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අතිපූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වූ බවයි.
මහියංගන පුදබිම වෙත ඊයේ (28) පස්වරුවේ පැමිණි ජනාධිපති වික්‍රමසිංහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කර ඇත.
දුටුගැමුණු සහ පළමුවන විජයබාහු රජවරුන්ට සහ ඩී.එස්. සේනානායක අගමැතිවරයාට අමතරව මහියංගනය පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමට මූලිකත්වය ගත් එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව මෙහිදී ජනාධිපතිවරයා පිළිගත් මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් පවසා ඇත.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමතිවරුන් වන විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ යන පිරිසද ද සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart