January 1, 2024

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන DHL විසින්, ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු සඳහා මහින්ද්‍රා (Mahindra Ideal City PickUp) ට්‍රක් රථ තෝරාගෙන තිබේ.

මේ පිළිබඳව ට්විටර්(X) සටහනක් තබමින් Ideal Motors හි නිර්මාතෘ සහ විධායක සභාපති නලින් වෙල්ගම පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් දේශීයව එකළස් කරන ලද මහින්ද්‍රා ට්‍රක් රථ 39ක් තෝරා ගැනීමට DHL සමාගම කටයුතු කර ඇති බවයි.

මෙය දේශීය වාහන එකළස් කිරීමේ කර්මාන්තයට ගෞරවයක් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.