October 5, 2024

හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ සහ වෙළෙඳ හා පාරි­භෝ­ගික කට­යුතු ඇමැතිවරයකු වන නලින් ප්‍රනා­න්දුට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පවරා ඇති අල්ලස් නඩුව විභාග කිරී­මට අධි­ක­රණ සේවා කොමි­සම නව විනි­සු­රු­ව­ර­යකු පත්කර ඇත.

මෙයට පෙර මෙම නඩුවේ සභා­පති විනි­සුරු ලෙස කට­යුතු කළ මහා­ධි­ක­රණ විනි­සුරු අමල් රණ­රාජා අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යකු ලෙස උස­ස්වී­මක් ලැබීම නිසා පුර­ප්පා­ඩු­වක් ඇති විය.

මහා­ධි­ක­රණ විනි­සුරු ප්‍රදීප් අබේ­රත්න එම පුර­ප්පා­ඩු­වට පත්කර ඇති අතර, කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ නඩුවේ සභා­පති විනි­සු­රු­ව­රයා ලෙස මහා­ධි­ක­රණ විනි­සුරු ප්‍රදීප් හෙට්ටි­ආ­රච්චි කට­යුතු කරයි.

මෙයට අම­ත­රව මහා­ධි­ක­රණ විනි­සුරු මහේන් වීර­මන් ද විනි­සුරු මඬුල්ලේ සාමා­ජි­ක­යකු ලෙස කට­යුතු කරයි.

2015 ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී ක්‍රීඩා සංගම් අතර බෙදා­දීම සඳහා ලංකා සතොස හරහා කැරම් බෝඩ් 14,00ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගැනී­මෙන් රජ­යට රුපි­යල් මිලි­යන 53කට ආසන්න පාඩු­වක් සිදු කළ බව පවසා අල්ලස් හෝ දූෂණ කොමි­සම විසින් මෙම නඩුව පවරා ඇත.

ඒ වන විට සතොස ආය­ත­නයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළේ නලින් ප්‍රනාන්දුවන අතර ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් මුද­ල්ව­ලින් මෙම උප­ක­රණ ආන­ය­නය කිරීම සිදු­කර තිබේ.

ලබන දෙසැ­ම්බර් 04 වැනි දා යළි නඩුව කැඳ­වී­මට නිය­මි­තය.

 

42.31%
17.27%
32.76%