
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ දිනවල එතරම් එළිපහළියට බසින්නේ නැත.
ඇතැම් ගොසිප් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා තරමක අසනීප තත්වයකින් පසුවන බවයි.
එහෙත් එම කටකතා බැහැර කරමින් හිටපු ජනපති මහින්ද පාමංකඩ ශ්‍රී මහා විහාරයේ දානශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට අද එක්විය.
මෙම දාන ශාලාව සහිත සංඝාවාසය ඉදිකර ඇත්තේ, පූජ්‍ය වල්පොළ පියනන්ද නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙනි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක හිමියන්ගේ වැඩමවීමෙන් අනතුරුව මෙම දානශාලාව විවෘත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart