
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිවස ඔහු ජීවත්වන තුරුම රැඳී සිටීම සඳහා අවශ්‍ය පරිදි සකස්කරගෙන තිබෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පොදුජන පෙරමුණේ බලය සහිත ආණ්ඩුවක් තිබියදී විවිධ ආකාරයෙන් අලුත්වැඩියා සිදුකර එය තමාගේ ජීවන භුක්තිය සඳහා පවත්වාගෙන යෑමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඔහු දැනට සිටින නිවස විශ්‍රාම ගිය පසු යාවජීව වාසය සඳහා යොදාගැනීමට බලයේ සිටියදී අලුත්වැඩියාවන් කර ඇති බව අමාත්‍ය ජයතිස්ස චෝදනා කළේය.
ඒ සඳහා ඔහු රුපියල් මිලියන 472කට වැඩි රජයේ මුදලක් 2021-2023 අතර කාලයේ වැයකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ වැනි හිටපු ජනාධිපතිවරුන් නිල නිවාස නොමැතිව සිටීනම් මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන යන තිදෙනාට එසේ නොහැක්කේ මන්ද යන්න ඔහු ප්‍රශ්න කරයි.
ඇතැමුන් රජයේ නිවාසවල බහිරවයන් සේ රැඳී සිටිනවා නම්, බහිරවයන් එළවීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගතයුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart