
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණය ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ ඈන් බිජර්ඩ් හා ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රයිසර්, ලෝක බැංකු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ජෝන් කයිසර් යන පිරිස ඇතුළු ලෝක බැංකුවේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (29) නිරීක්ෂණය කළහ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන පිරිසද සහභාගී වූහ.
ලෝක බැංකු නියෝජිත පිරිස අනුරාධපුර රාජාංගණයේ පවත්වාගෙන යන ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වගා බිම් වෙත ගොස් නිරීක්ෂණය කර ප්‍රථිලාභීන් හමුවී ඔවුන් සමඟද සාකච්ජා කරනු ලැබූහ.
අනතුරුව අදාළ ව්‍යාපෘතිය හරහා කෙසෙල් අපනයනයට අගය එකතු කිරීමේ කටයුතු සිදුකරන සැකසුම් මධ්‍යස්ථානයද ඔවුහු නිරීක්ෂණය කරනු ලැබූහ.
මෙම ව්‍යාපෘතිය මගින් නව අපනයන වෙළඳපළ අවස්ථා බිහිවීම, රැකියා අවස්ථා බිහිවීම හා යහපත් ජීවන උපායන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීමේ අවස්ථා නිර්මාණය කිරීම සිදුවී ඇති බවද ලෝක බැංකු නියෝජිතයෝ එහිදී පැවසූහ. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart