
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහවැලි සහ කැළණි යන ගංගා දෙකෙහිම ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම් රැසකට ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරයි.
අගෝස්තු 03 වැනිදා අලුයම වන විට ලැබී ඇති දත්තවලට අනුව, මහවැලි ගඟ ඉහළ ධාරා ප්‍රදේශ වන කොත්මලේ, නාවලපිටිය, තිස්පනේ සහ තලවකැලේ යන ප්‍රදේශවලට මිලිමීටර් 155 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබී ඇත. මේ හේතුවෙන් නාවලපිටිය මැනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම දැනටමත් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.
එසේම, කැළණි ගඟ ඉහළ ධාරා ප්‍රදේශ වන කෙහෙල්ගමුව, ලක්ෂපාන, නෝර්ටන් සහ වටවල යන ප්‍රදේශවලටද මිලිමීටර් 150 ට ආසන්න අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතී.
මේ හේතුවෙන්, නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ පිහිටි පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව අතිශය විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි.
කෙහෙල්ගමුව සහ අවිස්සාවේල්ල අතර කැළණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවටද අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.
ගංවතුර අවදානම හමුවේ අදාළ ප්‍රදේශවල ජනතාව වහාම සුපරීක්ෂාකාරී වන ලෙසත්, මේ පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart